Wednesday, September 19, 2012

(අ)සීමා


කඩා බාධක 
පැන කඩුළු වැට කොටු 
යන්නට වෙර නැති 
ගත
පසෙක තබා මම 
ආලෝකයේ වේගයෙන් 
සැරිසරමි මම 
මට රිසි සේ 
නිල් කඳු මුදුන් උඩින් 
මහා සයුරේ රළ මතින් 
සුනිල නිල් තණබිම් සිසාරා 
හමන මුදු සුළඟක් ලෙසින් 
මහා නගර මැදින් 
හඬන හිනැහෙන මිනිසුන් ලඟින් 
පාවී යමි මම 
වර්ණ පිරි මනසක් සමගින් 

2 comments:

  1. alokye wegayen yana obata oya kiyanna u sundarathwaya widinnata lebima arumayaki....

    ReplyDelete
    Replies
    1. ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමක්ම නෙමේ එතැනදී කියන්නේ. 1ක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ආලෝකයේ වේගයෙන් ගියත් එතන ඔබට කැමති වෙලාවක් රැදෙන්න පුළුවන් .ඔබට සාමාන්‍ය මනසක් ක්‍රියා කරන විදිය ගැන වත් වැඩි අවබෝධයක් නෑ වගේ

      Delete