Tuesday, April 23, 2013

හුස්ම



ඔබ ගමන් කල 
මං මාවත් වල 
ඔබට රහසින් 
ඇවිද යමි මම 
එවිට 
ගනිමි මම ළය පුරා 
ලොකු හුස්මක්  
සොයමි මම එහි 
ඔබේ සුවඳ 
දකිමි ඔබේ ප්‍රාශ්වාසය 
මගේ ආශ්වාසය හා 
මුසුවන යුරු 
බලන්නෙමි මම 
සතුටු වන මගේ සිත දෙස 
ඔබ හා මම 
එකම හුස්මක් 
බෙදාගෙන .....

2 comments:

  1. ඔබ ගමන් කල
    මං මාවත් වල
    ඔබට රහසින් වත්
    වරම් නැත මට ඇවිද යන්නට

    ගනිමි මම ළය පුරා
    ලොකු හුස්මක්
    සොයමි මම එහි
    ඔබේ සුවඳ
    දකිමි ඔබේ ප්‍රාශ්වාසය
    මගේ ආශ්වාසය හා
    මුසුවන යුරු
    මිරිඟුවකි එය සිහිනයකි එය

    නොබලන්නෙමි මම ඉකිගසන මගේ සිත දෙස
    ඔබ හා මම
    නොවනු ඇත කිසි දිනක
    එකම හුස්මක්


    ReplyDelete