Tuesday, February 12, 2013

සිහිනයක පාට


දුටිමි  මම සිහිනයක් 
දුර අහසේ  මහ මුහුදේ 
ගැඹුරු නිල් පාට ගැන 
තුරු මුදුන් මත රැඳුනු 
සොඳුරු කොළ පැහැය ගැන
ගඟ දියේ පෙන අතර 
සිනාසෙන සුදු පැහැය 
මල් ගොමු අතර සරනා 
රෝස කහ තැඹිලි පැහැ 

ඒනමුදු රතු ?

අවසන 
බැලු බැලු සැමතෙනම 
කළු පසුබිමක 
රතු පාට පොඩි බිංදු 

1 comment:

  1. එක උස උපන් දරුවා කසල ගොඩට දමන අම්මලා ඉන්න මේ රටේ
    පන්සලේ පින්කැටේ කඩලා ඒ මදිවට පන්සලේ හාමුදුරුවන්ටත් තඩි බාන පව්කාරයන් ඉන්න මේ රටේ
    කලු පසුබිමක් මත රතු බිඳු ඉහිරිලා තිබීමත් අරුමයක්ද?



    ReplyDelete