Tuesday, April 23, 2013

හුස්ම



ඔබ ගමන් කල 
මං මාවත් වල 
ඔබට රහසින් 
ඇවිද යමි මම 
එවිට 
ගනිමි මම ළය පුරා 
ලොකු හුස්මක්  
සොයමි මම එහි 
ඔබේ සුවඳ 
දකිමි ඔබේ ප්‍රාශ්වාසය 
මගේ ආශ්වාසය හා 
මුසුවන යුරු 
බලන්නෙමි මම 
සතුටු වන මගේ සිත දෙස 
ඔබ හා මම 
එකම හුස්මක් 
බෙදාගෙන .....

Wednesday, April 3, 2013

නිදිකුම්බා


නිදිකුම්බා නුඹත් මලක් 
සුවඳ සමන් පිච්ච අතර 
වියළි බිමේ තණ අතරේ 
මඳ සුළඟට පිපී වැනෙන 
සුවඳ නැතත් රෝස වගේ 
කටු අරණේ නුඹ පිපුනේ 
නුඹ නෙලන්න හැඩ බලන්න 
මටත් වුණා දණ නමන්න ......

Tuesday, April 2, 2013

පියාපත්


නිල් අහස් වියන් යට 
සැරිසරන සියෝතුන්ගෙන්
කලාතුරකින් ගිලිහී වැටෙන 
පිහාටුවක් දෙස බලමින් 
මා පැතුවේ 
පාවී යන්නට එලෙසෙම ......

ජීවිතයේ අන්තිම දා 
නටුවෙන් ගිලීහි ගිය විට 
ලඳිමි මම ද පියාපත් 
සුළඟ හා පාවී යන්නට 
ටික දුරක් හෝ .....