Sunday, September 2, 2012

අහසේත් කටු කම්බි



කූඩුවේ ඉඩ මදියි ලත  වුණා
සුව පහසු උණුසුමත් ඇති වුණා
නිල් අහස ගැන සිහින රජ වුණා 
තටු විදා පියඹන්න සිත් වුණා 

තටු ලැබුණු කල අහස වෙත ගියා 
මිතුරු විහඟුන් සිටින තැන් සොයා 
සිත් තුටින් සුළඟ හා මුසු වෙලා  
සුදු වළාමතින් පියඹමී සිතා 

ටික දුරක් යන කලෙක ඉගිළිලා
කොහේ යම්ද තවත් දුර පියඹලා
අහසේ  මැද මහා පැවරු ඉදි වෙලා 
කටු කම්බි සැම තැනම විසිරිලා 

කටු කම්බි අතරින් මා රිංගලා 
යන කලෙක කටු අතර ඇමිණිලා
සුදු තටු අතර රුහිරු මල් ඉහිරිලා 
තව යන්න වාරු නෑ තටු සිඳිලා

නිල් අහස ගැන සිහින ඉහිරිලා 
වරු ගෙන යන කලෙක ඉගිළිලා 
මිතුරු විහඟුන් කොහෙද විසිරිලා
උන් ගිහින් දුර ඈත වෙන්වෙලා 


1 comment:

  1. thawama natha un wenwela..atha sita oba ena thura bala hidinawa un..waru nathi bawa sithunath thawama atha saviya oba laga..penena hasthayak sawiya denamuth obata eya nopenei nowetahei....

    ReplyDelete