Sunday, March 31, 2013

නොලියු පදවැල්


නෙතඟ  ලියවුන
 මුවඟ සිර වුන 
නොලියු පද වැලක් 
පාළු මැදියම 
නිහඬබව බිඳ 
හද පෙළයි සැනෙකින්
නෙතු තෙමෙයි කඳුලින්

රැහැයි ගී හා එක්ව ඉකිබිඳ 
සිත නිවනු කෙලෙසින්
මතකයන් මකමින් ....

සුදුමැලිව ගිය වියලි සඳවත
එබෙනු ඇයි මෙලෙසින් 
මලානික දෑසින් ....

නින්ද ඇයි ඔබ 
තවත් මට දුර 
වඩිනු මැන විගසින් 
සෝතැවුල් නිවමින් .....