Tuesday, August 21, 2012

සිහිනයක වැරදිකරු


සිනිඳු වැලි බිමක
අත්තිවාරමක් නොයොදා
සිහිනයක් මත සිහිනයක් තබා
දහසක් පැතුම් මැද
ඔබ ඉදිකළ සිහින මන්දිරය 
මඳ සුළඟට ද සෙලවෙන මුත් 
කඩා වැටෙතෙයි කියන්නට 
දුක සිතුනු නිසා මා හට 
චණ්ඩ මාරුත හමා
සලකුණු ද ඉතිරු නොවූ සද 
ලොවම සමඟ හිඳ ඔබ 
මට ඇගිල්ල දිගු කල විට 
ඔහේ කරබා හිඳීමි මම
කතා කරන්නට කම්මැලි නිසා ...

2 comments:

  1. weradi karu oba nowei sebewinma e mandiraya idikala thenethamaya...mada sulagatada selawena bawa oba kee wanam ohu ho aya eya yali sakasanawa noanumanaya...waradakaru chanda maruthayami..oba dedena weradi karuwan kala....alasakama nisa obata nathi uye mandira pamanakmada???..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස පැහැදිලි නෑ 1ක් තැනක කියනවා වැරදිකරු මන්දිරය ඉදි කල තැනැත්තා කියා තවත් තැනක සුළඟ කියා කියනවා. ම හට මන්දිරයක් අහිමි වූ බවක් නම් ම කියා නෑ. :)

      Delete