කවුළුව අසල
ආදරෙන් ඔබ වැවු
සුදු රෝස පැළයේ
පොහොට්ටුවක් ඇවිත් ......
හෙට උදෑසන වෙද්දී
නෙලා ගන්නම් මම
සරසන්න ඔබේ ගත
අවසන් වතාවට .....
උදෑසන බලන විට .....
වැටුණු මුතු පිනි බිංදු
දරාගන්නට බැරිව
රෝස පෙති බරවෙලා
කොලපාට තණ අතර
දුටිමි මම සිහිනයක්
දුර අහසේ මහ මුහුදේ
ගැඹුරු නිල් පාට ගැන
තුරු මුදුන් මත රැඳුනු
සොඳුරු කොළ පැහැය ගැන
ගඟ දියේ පෙන අතර
සිනාසෙන සුදු පැහැය
මල් ගොමු අතර සරනා
රෝස කහ තැඹිලි පැහැ
ඒනමුදු රතු ?
අවසන
බැලු බැලු සැමතෙනම
කළු පසුබිමක
රතු පාට පොඩි බිංදු